Thursday, August 18, 2011

හිරාන්ගේ ලෝකයේ පළමු ලිපිය from 1.0 to web 2.0

මගේ මුල්ම වෙබ් අඩවිය පටන් ගත්තේ මම ආචාර්ය උපාධිය අවසාන වෙලා උතුරු වේල්සයේ (University of Wales, Bangor, UK) මාස කිහිපයකට හිහිං ඉන්න කාලයේ. එතකොට තිබුනේ වෙබ්1.0 කාලය. Young Biologists' Association සදහා පටං ගත්ත එම වෙබ් අඩවිය තාමත් තියෙනවා. ඊට පස්සේ හුගක් වෙබ් අඩවි සහ බ්ලොග් පටන් ගත්තා. www.environmentlanka.com, www.studentlanka.com ඒවායින් සමහරක්. නමුත් මගේ බ්ලොග් අඩව්යක් වශයෙන් මගේ අදහස් ලියන්න පටන් ගත්ත පලමු වෙබ් අඩවිය මෙයයි.

ඒ කලේ අපි වෙබ් අඩවි හැදුවේ HTML ඉගෙන ගෙන සැහෙන වෙලා අරගෙන. ඒ වගේම Sinhala Unicode තිබුනේ නැති නිසා ඉංගිරිසියෙන් තමා මේ සේරම ලිව්වේ.

Friedman ලියපු The world is flat පොතට අනුව තාක්ෂණය අනුව ලෝකය දැන් පැතලි වෙලා. මුලින්ම ලෝකය පැතලි වෙන්න පටන් ගත්තේ ජර්මනියේ බර්ලින් තාප්පය 1989 කැඩුන වෙලාවේ. ඒ වසරේ Microsoft Windows 3.0 මෙහෙයුම් පද්දතිය පටන් ගැනීමත් සමග මුළු ලෝකය පුරාම පුද්ගලික පරිගණක භාවිතය පුළුල් වීම නිසා තමයි ලෝකයම එකම වරිගයක පරිගණක මෘදුකාංග භාවිතා කරමින් පැතලි ලෝකයක් ඇතිවුනේ.

අපි එදා හිරියේ web 1.0 යුගයේ සිට අද web 2.0 යුගයට පත්වෙලා. අද ඉතාම පහසුවෙන් තමන්ගේ අදහස් ලොකයට කියන්න බ්ලොග් අඩවි නිර්මාණය කරන්නන ඕනාම කෙනෙකුක පුලිවන්.